කෑම වර්ග 7 කට ස්‌ථාවර මිලක්‌ දායි ගන්න ගිහාම නැහැ.

කෑම වර්ග 7 කට ස්‌ථාවර මිලක්‌ දායි ගන්න ගිහාම නැහැ.
අත්‍යාවශ්‍ය ආහාර වර්ග 7 ක්‌ ලබන වසරේ අප්‍රේල් මාසය තෙක්‌ ස්‌ථාවරව පවත්වාගෙන යැමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව සම්බා කිලෝවක්‌ රුපියල් 71 ක්‌, නාඩු කිලෝවක්‌ රුපියල් 74 ක්‌, ලොකු ලූනු කිලෝවක්‌ රුපියල් 135 ක්‌,සීනි කිලෝවක්‌ රුපියල් 100 ක්‌, අල කිලෝවක්‌ රුපියල් 139 ක්‌, පරිප්පු කිලෝවක්‌ රුපියල් 124 ක්‌, හාල්මැස්‌සන් කිලෝවක්‌ රුපියල් 515 ක්‌ හා සැමන් ටින් එකක්‌ (ග්‍රෑම් 425) රුපියල් 127 ක්‌ වශයෙන් ස්‌ථාවරව පවත්වාගෙන යැමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.රජයේ ජීවන වියදම් කිමිටුවේ තීරණයකට අනුව එම අත්‍යවශ්‍ය භාණ්‌ඩ 7 සඳහා ස්‌ථාවර මිල නියම කර තිබේ.මෙම මිල ගණන් යටතේ භාණ්‌ඩ පාරිභෝගික ජනතාවට දිවයින පුරා පිහිටි ලංකා සතොස ඇතුළු සුපිරි වෙළෙඳ සල්වලින් මිලදී ගත හැකි බව ද අමාත්‍යාංශය පවසයි.රජයේ නියෝග මත පනවා තිබෙන මෙම අත්‍යවශ්‍ය භාණ්‌ඩවල ස්‌ථාවර මිල ඉක්‌මවා භාණ්‌ඩ අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට අමාත්‍යාංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස්‌ දී ඇත.මේ අතර දේශීය හා ආනයනික නාඩු සහල් කිලෝවක්‌ රුපියල් 74 ක උපරිම සිල්ලර මිලක්‌ නියම කර තිබෙන බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය එසේ සදහන් කරත් පාලන මිලට සතොසෙවත් බඩු නැතැයි ජනතාව කියතී. පොල් 75ට දෙනව කිව්වට එක පොල් ගෙඩියක් වත් සතොසෙ වෙළදසැල් වල නැති බවයි ජනතාව පවසන්නේ.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය