දිවියෙක් වෙනුවෙන් මරු තුරුලට ගිය බල්ලා

දිවියෙක් වෙනුවෙන් මරු තුරුලට ගිය බල්ලා
හැටන් ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් බය කළ දිවියෙක් අල්ලන්න බල්ලෙක්ව ඇම සඳහා යොදාගත් පුවතක් අද දිනයේ වාර්තා වුණා.මේවන විට මේ දිවියා හැටන් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙක්ට පහර දී තුවාල සිදුකර තිබෙනවා.කෙසේවෙතත් මෙලෙස අටවපු උගුලටත් දිවියා හසුවෙලා නෑ.ඊයේ දවස පුරාම නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් උඩවලව වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් සහ මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිළධාරින් වතුකම්කරුවන් හැටන් පොලිසියේ නිලධාරින් දැවැන්ත මෙහෙයුමක් සිදුකළ තිබෙන අතර එම මෙහෙයුමේදීද දිවියා අල්ලා ගැනිමට හැකියාව ලැබී නැහැ.

මේ අනුව දිවියා නිතර නිතර සැරි සැරු ස්ථානයක විශේෂ කුඩුවක් යොදා ගනිමින් උගුලක් ඇටවිමට මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක්‍ෂක පි.එමි විරසිංහ මහතා කටයුතු කර තිබුණා.එමෙන්ම මීට පෙර දිවියා අල්ලා ගැනිමට සිදුකළ මෙහෙයුමේදි අලි වෙඩි පාවිචිචි කිරිම නිසා දිවියා බියවි තේ වතුයායෙන් රක්‍ෂිතය දෙසට පලා යන්නට ඇති බව වනජිවි නිළධාරින් සැකපළකරනවා.දින කිහිපයකින් යලිත් එම දිවියා ගොදුරු සොයා සුපුරුදු ස්ථාන වෙත පැමිණෙන බවත් එතෙක් එම දිවියා අල්ලා ගැනිමට සවිකර ඇති උගුල එම ස්ථානයේම රදවන බවයි වාර්තා වන්නේ.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය