අනතුරින් ගායිකා ජින්ජර් සහ පුතා ඇතුළු හතරක් රෝහලේ

අනතුරින් ගායිකා ජින්ජර් සහ පුතා ඇතුළු හතරක් රෝහලේ
මාතර දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයිපොලිසිය පවසයි. ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ ඇයගායිකාව රුහුණු සංචාරක කාර්යාංශය සහ දකුණු පළාත් සභාව මගින් සංවිධානය කර තිබූ සංචාරක සැණකෙළියේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සංගීතය සැපයූ සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇතැයි  පොලිසිය සැක කරයි.එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර් ඇතුළු  ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇත .අනතුර සිදුවනවාත් සමගම අසල්වාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා අනතුරට පත් වූ පිරිස මෝටර් රථයෙන් එළියට රැගෙන ත්‍රී රෝද රථ දෙකක් සහ කුඩා බට්ටා වර්ගය ලොරි රථයකින් දෙනියාය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

Comments

Popular posts from this blog

රෑ 11 ඉඳලා එලි වෙනකන් උන් මාව දූශණය කලා. විඳපු දුක කියන්න වචන නෑ.

ජාතික ආණ්ඩුවෙන් යනවාද නැද්ද ජනපතිත් සමග අවසන් සාකච්ඡාව කළ මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න

වසර 40කට පෙර, නාසා ආයතනය පිටසක්වල ජීවීන්ට යැවූ පණිවිඩය